News Editor

News Editor

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් දරණ නිලධාරින්ගේ ස්ථාන මාරු කිරීම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්…

නව විදුලි සම්බන්ධතාව ලබාගැනීමේදී අයකරන ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව…

අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් (06) පවත්වා තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. ජාතික…

ළමා ලිංගික අපයෝජකයන්ගේ නාමලේඛනයක් සකස් කිරීමට අවධානය

ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු  ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්,…

කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ්

කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලරත්න (06) නියෝග කළා. ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිදුවීමක් මත පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩු ගොනු කර තිබුනු අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනි…

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.…

හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය…

රාජකීය – ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටන අද ඇරඹේ

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර නිල් මහ සටන ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වනවා. ඒ අනුව මෙවර තරගය පැවැත්වෙන්නේ 145 වන වරටයි. ඩී. එස්. සේනානායක අනුමස්රණ පලිහ වෙනුවෙන් අද (07) සිට ලබන 9 වැනිදා…

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුක​ළ යුතු මට්ටමක

(07) දිනයේත් ප්‍රදේශ කිහිපයකට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ හා දකුණු පළාත්වලත් රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවයි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා කරුණු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි…