News Editor

News Editor

මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 26 වනදා දැනුම්දෙයි

2024 වර්ෂය සඳහා වන අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන මාර්තු 26 දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී පොලී අනුපාත සම්බන්ධයෙන් දැනුම්දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අදාළ නිවේදනය පහතින්.  

1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගැන ලෝක බැංකුවෙන් ඇගයීමක්

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබෙනවා. ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ…

දයාසිරි, චරිත, මරික්කාර් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා. මීට අමතරව මහාචාර්ය චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තෙල් සංස්ථාවෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන…

ඩොලරයේ විකුණුම් මිල රු. 308 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව (19) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු…

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබාදීමට කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැ​ඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ…

ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට ලෑස්ති වෙන්න කියලා – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා පැවසීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වන ලෙස දැනුම්දීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ජනාධිපතිවරුන් විසින් තමන්ගේ ධුර කාලය අවසන් වන විට එවැනි සුරංගනා කතා ප්‍රකාශ කරන බවයි (19) පැවති මාධ්‍ය හමුවකට…

පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින්…

මැච් එක ගහන්න ටොස් එක දානකල් ඉමු අපි – බැසිල්

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීරණය පක්ෂයට ඉදිරිපත් කර ඉදිරියේදී ගන්නා බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.…

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.…