බංගලාදේශය පරදවා ඇමෙරිකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images
news images
news images