ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ​ව තවදුරටත් සාකච්ඡා කරනවා – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා හොඳ විශ්වාසයකින් එක්වන බවත්, එහිදී සියල්ලටම සාධාරණ ලෙස කටයුතු කිරීමට මෙන්ම එවැනි සාකච්ඡාවලදී බලාපොරොත්තු වන උපරිම විනිවිදභාවය ඇති කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම සාකච්ඡා එකඟතාවයකින් තොර වූ බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images