පොත් බෑගයේ බර අඩු කරන්න ලොකු අච්චු පොත් කොටස් වශ­යෙන් මුද්‍ර­ණ­යට අව­ධා­නය

  • පෙළ පොත් දින­පතා පාසල් ගෙන ඒම අවම කිරී­ම­ටත් පිය­වර
  • අධ්‍යා­පන ලේක­ම්ගෙන් විදු­හ­ල්ප­ති­ව­රුන්ට උප­දෙස් මාලා­වක්

පාසල් දරු­වන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ එක් පිය­ව­රක් ලෙස තෝරා ගත් පෙළ පොත් කාණ්ඩ වශ­යෙන් මුද්‍ර­ණය කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කරයි. ඊට අම­ත­රව තවත් වික­ල්ප­යක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති ‘වැඩ පොත්’ හැරුණු විට අනෙ­කුත් පෙළ පොත් පාස­ලට ගෙන ඒම අවම කිරී­මට විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ ගත යුතු පිය­වර දන්ව­මින් අධ්‍යා­පන ලේකම් වසන්තා පෙරේරා මහ­ත්මිය උප­දෙස් මාලා­වක්ද පාසල් වෙත යොමු කර තිබේ.

පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරී­රික අප­හ­සුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් පෙන්වා දීමත් සමඟ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මේ තීර­ණය ගෙන ඇත. සිසුන් වෙත දී ඇති පෙළ පොත් ආර­ක්ෂික ලෙස පන්ති කාම­රයේ තබා යෑමට අව­ස්ථාව සලසා දීම සඳහා විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීම, සෑම විෂ­ය­ක­ටම අදාළ පෙළ පොත් අධ්‍යා­පන ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තුවේ වෙබ් අඩ­වියේ ඇතු­ළත් කර ඇති නිසා හැකි සෑම අව­ස්ථා­ව­ක­දීම පෙළ පොත්වල මෘදු පිට­පත් භාවිත කිරී­මට පිය­වර ගැනීම යනාදි ලෙස විකල්ප ක්‍රමද පාසල් බෑගයේ බර අඩු කිරී­මට යෝජනා වී තිබේ.