පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 218,350 ක් පැමිණ තිබෙයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.