බංග්ලාදේශයේ සය මහල් ගොඩනැගිල්ලක ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

(29) රාත්‍රියේ හටගත් ගින්නෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ තිබූ ආපන ශාලාවක හටගත් ගින්න සීඝ්‍රයෙන් අනෙක් මහල්වලටද පැතිරී ගොස් ඇති අතර, ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 13 ක් යෙදවීමට සිදුවූ බව එරට බලධාරීන් සඳහන් කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *