අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් වෙනුවට මිෂෙල් ඔබාමා ඉදිරිපත් කිරීමට වැඩි කැමැත්තක්

ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති Joe Biden වෙනුවට, එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන Michelle Obama ප්‍රමුඛ තේරීම බවට මත විමසුමකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මත විමසුමේදී ඡන්දය දුන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපද ජනාධිපතිවරණයට එරෙහිව සටන් කිරීම සඳහා බයිඩන් හැර වෙනත් අයෙකු සඳහා ඔවුන්ගේ තේරීම ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඡන්දය ප්‍රකාශ කරන ලද ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 48%ක් පමණ සඳහන් කර ඇත්තේ, නොවැම්බරයේ මැතිවරණයට පෙර ජෝ බයිඩන් වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු සොයා ගැනීම තමන් අනුමත කරන බවයි. 38% ක පිරිසක් එය අනුමත කර නොමැති අතර 33% ක් සඳහන් කර ඇත්තේ එම ඡන්දයේදී වෙනසක් සිදුවනු ඇති බවයි.

Joe Biden වෙනුවට ඇති වෙනත් විකල්ප අතර මිෂෙල් ඔබාමා ඡන්ද 20% ක් ලබාගෙන තිබූ අතර අනෙක් තරඟකරුවන් ලෙස උප ජනාධිපති කමලා හැරිස්, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් සහ මිචිගන් ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර් නම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *