2024 පළමු මාස 02 තු​ළ මිනීමැරීම් සිද්ධි වලින් පුද්ගලයින් 83 ක් මරුට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුව ඇති බවත්, එම සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

එසේම එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි 1,180 ක් වාර්තා වී ඇති බවත්, මංකොල්ලකෑම් 310 ක් වාර්තා වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බවත්, ඒවායින් 10 ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම වාර්තාවීම් පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩුවීමක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.