නෙදර්ලන්තයේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙක් මරුට

නෙදර්ලන්තයේ ජෙල්ඩර්ලන්ඩ් පළාතේ ඉදි කරමින් තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාලම කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරිමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාලම ඉදිකිරිමට භාවිත කළ දොඹකරයක සිර වී සිටින තවත් පුද්ගල­‍ෙයක් බේරා ගැනීම සඳහා නෙදර්ලන්තයේ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *