පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට අදාළ මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවට

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝ​ධනය අනුව පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නද එය ක්‍රියාත්මක මට්ටමක නොතිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව උදය ගම්මන්පිල විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.