සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායකවරයා මරුට

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

47 හැවිරිදි ඔහු ශාරීරික සුවතාවය සඳහා ඇවිදීමෙන් පසු ඔහුට සිහිය නොමැති වූ බවත්, පසුව ගිලන් රථ කණ්ඩායමක්ද එහි කැඳවූ බවයි බන්ධනාගාර ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.

ඔහුට ප්‍රතිකාර සිදුකළද ඔහු මරණයට පත්වූ බවත්, ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැඩිමීර් පුටින්ට දැනුම් දුන් බවද එරට බන්ධනාගාර ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *