පෙම්වතිය පිටුපෑවැයි රේල්ලුවට ගෙල තියලා

ගැහැනු ළමයෙකු සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 20ක සිසුවෙකු 10 වෙනි දා දුම්රියට ගෙල තබා සියදිවි නසා ගත්තේ යැයි කියන සිද්ධියක් මීගමුව රෝහලේ සහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ද වික්‍රමරත්න මහතා ඉදිරියේ දී පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙලෙස මියගොස් ඇත්තේ දළුව කොටුව කොච්චිකඩේ පදිංචි අවුරුදු විස්සක තරුණයෙකි. වැඩිහිටියන් මැදහත්ව මෙම ආරාවුල සාමයෙන් විසඳා ගැනීමට උත්සාහ ගත්තා නම් මෙවැනි අකල් මරණයක් බොහෝ දුරට සිදු නොවීමට ඉඩ තිබුණා යයි මරණ පරීක්ෂකවරයා මෙහිදී පැවසීය.
මීගමුව පොලිසියේ සැරයන් (25274) රෝහණ මහතා සාක්ෂි මෙහෙයවන ලදී.