මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ  වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (11) රාත්‍රීයේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙයි.

මෙම වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, මංකොල්ලකරුවන් පිරිස පළාගොස් ඇතැයි වාර්තා වෙයි