බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොළොව යටින් හමුවූ දේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A හා D වාට්ටුවල සූක්ෂම ලෙස භූගතව සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (10) දිනයේ බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල හදිසි සෝදිසි කිරිමක් සිදුකළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එහිදී එම වාට්ටු තුළ පොළොව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 02ක්, සිම්පත් 04ක්, මෙමරි චිප් 01ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක්, ඩේටා කේබල් 02ක් හා හෑන්ඩ් ෆ්‍රී 01ක් සැකකරුවන් නොමැතිව සොයාගෙන තිබෙනවා.