අලුත්වැඩියාව සඳහා නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළුවන මාර්ගය හෙට උදෑසන දක්වා වසා තැබේ

අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ සිට වරාය දෙසට පිටවන ඉගුරු කඩේ දොරටුවේ අලුත්වැඩියා කටයුත්තක් හෙට(12) අළුයම 05.00 දක්වා සිදු කිරීමට නියමිත බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය විසින් දැනුම් දෙයි.

ඒ අනුව කටුනායක සිට කැලණි පාලමට, ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මං තීරුව පමණක් ඉහත දිනවල වසා තැබීමටත්, ඔරුගොඩවත්ත මංසන්දියේ සිට කැලණි
පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉගුරු කඩේ හංදිය දෙසට යන) පාලමේ මැද කොටසින් වසා තැබීමට කටයුතු කෙරේ.
මේ හේතුවෙන්ඹ  දෙස සිට කටුනායක දෙසට මෙන්ම කටුනායක සිට කොළඹ දෙසට ගමන් කළ හැකි අතර, වරාය දෙසට ගමන් කිරීමට නොහැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි