ඉන්දියාවට මටත් දහ සැරේකට වැඩිය ආරාධනා කරලා ගිහිං තියෙනවා – නිමල් සිරිපාල

එදා ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් විරුද්ධ වූ පිරිස් අද වන විට ඉන්දියාව ඉදිරියේ දණ ගසා ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

තමන්ද විවිධ සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබ දස වතාවකට වඩා රට නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් ඇති බවයි (08) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවට යාම හොඳ බව ද, වැරහැලි ඇඳ සිටි පුද්ගලයින් හොඳ සූට් ඇඳගෙන යනු දැකීමට තමන්ද කැමති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණද මොළ සෙදීමට ලක්කර ඇති බවද, ඔවුන්ටද අද පෞද්ගලික අංශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.