මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් කතට සිරදඬුවම්

බලපිටිය මහාධිකරණයේ දී කොස්ගොඩ පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේ පසුගිය 2010 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධව 05 දින විභාග වූ නඩුව සම්බන්ධව පැමිණිල්ල වෙනුවෙන් දෙවන සාක්කිකරු ලෙස අසත්‍ය සාක්ෂි දුන් කොස්ගොඩ ගොඩගම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි ශ්‍රියානි අබේනායක නැමැත්තියට අසත්‍ය සාක්ෂි දීම හේතු කොටගෙන බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් වසර දෙකක ලිහිල් සිර දඩුවමක් ප්‍රකාශයට පත් කළේය. 2010 වසරේ පෙබරවාරි 03 දින කොස්ගොඩ ගොඩගම පදිංචි කළුදේව සිතුම් චතුරංග යන අය ඝාතනය කිරීම සම්බන්ධව පැවති නඩු විභාගයේදී මෙසේ බොරු සාක්කි දීම නිසා ඇයට මෙසේ සිර දඬුවම් නියම විය.

මෙම නඩුවේ පැමිණිල්ල රජයේ අධි නීතිඥවරියන් හිරුණි ඩී. අල්මේදා මෙනවිය සහ ඉසුරි ජයවර්ධන මෙනවිය විසින් මෙහෙයවන ලදී.