බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  (06) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව ඊයේ (05) හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් සතුව තිබූ ගිනි අවි අකුරැස්සේ සිට ගාල්ල කරාපිටිය දක්වා සැකකරුවන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගෙන ගොස් තිබූ අතර එම යතුරුපැදිකරුවන්ට ආරක්ෂාව දී ඇත්තේ මොහු බවට හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.