ජනවාරි මාසයේ සංචාරකයින්ගෙන් රුපියල් මිලියන 500 කට ආසන්න ආදායමක් – සංචාරක සංවර්ධන අධිකාරිය

2024 ජනවාරි මාසයේදී සංචාරකයින් පැමිණීමෙන් ලද ආදායම රුපියල් මිලියන 500කට ආසන්න බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති භාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ජනවාරි මාසයේදී සංචාරකයින් 208,253 ක් පැමිණි බවයි.

එය 2023 වසරේ ජනවාරි මාසය සමඟ සංසන්ධනය කිරීමේදී 104% ක වර්ධනයක් බවත් සංචාරකයින් ලක්ෂ 23ක පමණ පිරිසක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.