චාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසනවා.

පිළිකා වර්ගය අනාවරණය වී නොමැති බවත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන අතර නමුත් ඔහුගේ විශාල වූ පුරස්ථි ග්‍රන්ථියට ප්‍රතිකාර කිරීමේදී මෙය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

චාල්ස් රජු විසින් සිය ප්‍රතිකාර සඳුදා දිනයේ ආරම්භ කර ඇති අතර ප්‍රතිකාර අතරතුර මහජන රාජකාරි කල් දමන බව මාලිගය නිවේදනය කරන්නේ.

ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට ආපසු යාමට බලාපොරොත්තු වන බවයි බකිංහැම් මාලිගය වැඩිදුරත් සඳහන් කරන්නේ.