SL vs AFG Test : ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198 ක් ලබා ගත්තා.

ඉන් පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 439 ක් ලබාගත් අතර පන්දුවට පහරදීමේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කළා.

යළිත් සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 296 ක් ලබාගත් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5 ක් බිද හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 56 ක ඉලක්කයක් හිමිවූ අතර එම ජයග්‍රාහී ඉලක්කය කිසිඳු කඩුල්ලක් නොදැවී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා..

ලකුණු පුවරුව පහතින්.

news images news images news images news images news images news images news images