ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සෙබළු තිදෙනෙකු මරුට

මැදපෙරදිග පිහිටි අමෙරිකා කඳවුරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද භටයින් තිදෙනෙක් මිය ගොස් ඇත.

ජෝර්දානයේ සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි අමෙරිකා කඳවුරකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් අමෙරිකා සෙබළු තිදෙනෙකු මිය ගොස් 34කපිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් සිදු කර ඇති බවයි. ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම කලාපය තුළ අමෙරිකා හමුදා මිය ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *