ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන කෲස් නැව සිය මංගල ගමන ෆ්ලොරිඩාවේ මියාමි සිට ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 365m දිග (අඩි 1,197) Icon of the Seas හි තට්ටු 20 කින් සමන්විත වන අතර උපරිම වශයෙන් මගීන් 7,600 කට ගමන් කළ හැකි බවයි

නෞකාව කැරිබියන් දූපත්වල දින හතක දූපත් ගමනක නිරත වන බවයි වාර්තා වන්නේ

පරිසරවේදීන් අනතුරු අඟවන්නේ ද්‍රව ස්වභාවික වායු (LNG) බලයෙන් ක්‍රියාත්මක වන නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි.

නෞකාවේ පිහිනුම් තටාක හතක් සහ ජල ස්ලයිඩ හයක් පවතින අතර අවන්හල්, බාර් සහ විවේකාගාර 40කට වඩා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

නෞකාව ඉදිකිරීමට ඩොලර් බිලියන 2ක් වැය වී ඇති බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *