ලේඛිකාවකට වන්දි ගෙවන්නැයි ට්‍රම්ප්ට නියෝග

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටිය දී ලේඛිකාවක වන ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක (පවුම් මිලියන 65 ක්) වන්දියක් ගෙවීමට අමෙරිකා අධිකරණය නියෝග කර තිබේ.

මේ පිළිබඳ නඩු විභාගයේදී නිව්යෝර්ක් ජූරි සභාව පැවසුවේ චිත්තවේග හා කීර්ති නාමයට හානි කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 18.3 ක් හා දඬුවම් ලෙස ඩොලර් මිලියන 65 ක් ගෙවිය යුතු බවයි.

කැරොල් එය හැඳින්වූයේ කාන්තාවක් පහත් කිරීමට උත්සාහ කළ සෑම හිරිහැර කරන්නෙකුගේම දැවැන්ත පරාජයක් ලෙසය.

මේ පිළිබඳ අදහස් පළ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව අතිශයින්ම හාස්‍යජනක එකක් බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණ සිටියද තීන්දුව කියවන විට නඩු කාමරයේ රැඳී සිට නොමැත.

1990 වසරේදී ට්‍රම්ප් විසින් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මීට පෙර සිවිල් නඩු විභාගයකදී සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. මෙම නඩුව මායාකාරිය දඩයමක් ලෙස හඳුන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නවතම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවට ද සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *