යුක්රේන අර්බුදයට අදාළ පාර්ශ්ව සමග යළි සාකච්ඡා අරඹන්න – චීනයෙන් ඉල්ලීමක්

යුක්රේන අර්බුදයට අදාළ පාර්ශ්ව අතර සෘජු සම්බන්ධතා පවත්වා, ක්‍රමයෙන් යළි සාකච්ඡා ආරම්භ කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් යළි ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චං ජුන් මේ බව පැවසුවේ, ආරක්ෂක මණ්ඩලය යුක්රේන ප්‍රශ්නය පිළිබඳව ඊයේ (22) පැවැත්වූ සමාලෝචන රැස්වීමේ දී අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව මේ සඳහා සාධනීය පසුබිමක් නිර්මාණය කළ යුතු බවත්, ඊට අදාළ අනෙකුත් පාර්ශ්ව වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතු බවත් චං ජුන් මහතා එහිදී පැවසීය. අර්බුදයට මූලික විසඳුමක් සෙවීමට නම් රුසියාව, යුක්රේනය සහ අදාළ පාර්ශ්ව සමබර මෙන්ම තිරසර ආරක්ෂක සංකල්පයක් හා ආරක්ෂක ව්‍යුහයක් ගොඩනැගිය යුතු බව ද හෙතෙම කියාසිටියේය.

චීනය තවදුරටත් සාමය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවත්, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දරන බවත් චං ජුන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *