දකුණු ඕස්ට්‍රේලියාව උණුසුම් වෙයි

දකුණු ඕස්ට්‍රේලියාවට මේ දිනවල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව එහි උණුසුම සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා ඇති බවයි පැවසෙන්නේ.

අධික උණුසුම හේතුවෙන් හිරු එළියට නිරාවරණය වී සිදුකරන ක්‍රියාකාරකම් අවම කරගැනීමට කටයුතු කරන මෙන් එරට රජය ද මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට ඉහළ ඕසෝන් ස්ථරයට හානි වී ඇති බැවින් හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බවයි එරට වෛද්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

එම නිසා ඊට යොග්‍ය ආලේපන (Sun cream) භාවිතා කරන මෙන් මාධ්‍ය නිවේදන ද නිකුත් කර තිබෙනවා.

මේ හේතුවෙන් ජලය ආශ්‍රිත ස්ථානවලට ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීමක් දක්නට ලැබෙන බව සඳහන්.

එළිමහනේ සිදුකරන රැකියාවල නියුතු පිරිස් වෙත වැටුප් සහිත නිවාඩු ලබා දීමට ද ඇතැම් ආයතන කටයුතු කර තිබෙනවා.

මේ දිනවල දකුණු ඕස්ට්‍රේලියාවට ග්‍රීෂ්ම සෘතුව පැවතීම නිසා රාත්‍රී 10 පමණ වන තෙක් දිවා කාලය මෙන් ආලෝකය පවතින අතර ඒ වන තෙක් සෙල්සියස් අංශක 40ක පමණ උණුසුමක් පවතින බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *