ජපානය සඳට යැවූ යානයේ දෝෂයක් – මෙහෙයුමට තර්ජනය කරයි

ජපානය සඳ මත ගොඩබැස් වූ යානාවේ රොබෝ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබේ.

සඳ මත සාර්ථක ගොඩබැස්වීමක් සිදු කළද ජපන් යානාවේ රොබෝ යන්ත්‍රයේ සූර්ය බලශක්ති පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ඒ හේතුවෙන් සඳ මත මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා විය හැකි බව වාර්තාවේ.

කෙසේ වෙතත්, මෙහෙයුම සුරැකීමට ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින අතර තවමත් ඉදිරි තත්ත්වය සම්පූර්ණයෙන් තේරුම් ගෙන නොමැත.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත මෘදු ස්පර්ශ කිරීමක් සිදු කළේ පෘථිවි වේලාවෙන් ඊයේ රාත්‍රියේයි.

මේ අනුව අමෙරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ තරණය කළ ලොව 5වන රට ලෙස ජපානය සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *