ඉතියෝපියානුවන් උත්සවශ්‍රීයෙන් සමරන Timket මංගල්‍යය

ඉතියෝපියානු ඕතඩොක්ස් ක්‍රිස්තියානි උත්සවයක් වන Timket වෙනුවෙන් ඉතියෝපියාවේ ඓතිහාසික ශුද්ධවූ නගරයක් වන Gondar හි සැමරුම් පවත්වා තිබෙනවා.

Timket උත්සවය එරට වැදගත්ම ආගමික උත්සවය වන අතර එමගින් අතීතයේදී ජෝර්දාන් ගගේ ජේසුස් වහන්සේ බෞතීස්ම වීම සනිටුහන් කිරීම සමරන බව සඳහන්.

නමුත් මේ වසරේදී වෙනදාට වඩා උත්සවශ්‍රිය යටපත් වී ඇති බවක් දක්නට ලැබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෑතකදී Amhara ප්‍රදේශය තුළ ප්‍රාදේශීය militias සහ රජයේ හමුදා අතර උද්ගත වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඊට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් සන්නද්ධ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට යටත්ව මේ සතිය පුරාවටම Timket වෙනුවෙන් උත්සව පවත්වා තිබෙනවා.

අද(20) හිරු උදාවට පෙර චාරිත්‍රවලින් පසුව බව්තීස්ම වීම සඳහා තරුණයන් සිය ගණනක් Gondar බලකොටුව ඉදිරිපිට ඇති තටාකය භාවිතා කරමින් උත්සවයේ ප්‍රධාන අංගය ඉටුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *