Houthi සටන්කාමීන්ට එරෙහිව එක්සත් ජනපදයේ ප්‍රහාර නතර නොකළ බවට එරට ජනපතිගෙන් ප්‍රකාශයක්

යේමනයේ Houthi සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් එම කණ්ඩායමේ රතු මුහුදේ ප්‍රහාර නතර වී නොමැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා

ඒ අනුව අමෙරිකානු මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ

ඊයේ (18) එක්සත් ජනපද නෞකාවකට Houthi ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එක්සත් ජනපදය යේමනයේ පස්වන වටයේ ප්‍රහාර එල්ල කරනු ලැබුවා

ධවල මන්දිර ප්‍රකාශක John Kirby වාර්තාකරුවන්ට පැවසුවේ රතු මුහුද දෙසට වෙඩි තැබීමට නියමිතව තිබූ Houthi මිසයිල රැසක් එක්සත් ජනපද හමුදා භාරයට ගත් බවයි

ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුමට ප්‍රතිචාර දක්වන බව පවසමින් Houthi සටන්කාමීන් පසුගිය නොවැම්බර් මාසයේ සිට වෙළඳ යාත්‍රාවලට පහර දීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

එතැන් සිට, මෙම කණ්ඩායම ලොව කාර්යබහුලම නැව් මාර්ගයක් වන රතු මුහුද හරහා ගමන් කරන වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනුණා

ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජනවාරි 11 වන දින Houthi ඉලක්ක රැසකට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබූවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *