බ්‍රිතාන්‍ය රජ පවුලම ලෙඩ නිවාඩු

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් බ්‍රිතාන්‍ය රජපවුලේ ජ්‍යෙෂ්ඨතම රාජකීයයන් දෙදෙනකු රාජකාරිවලින් ඉවත්ව වී සිටින බව වාර්තා වේ. චාල්ස් රජු පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ රෝගී තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් සැත්කමකට ලක් වීමට නියමිතව ඇතැයි ද, උදරයේ ආබාධයක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කේට් කුමරිය රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බවත් වැඩිදුරටත් වාර්තා වේ. සිය බිරියගේ රෝගී තත්ත්වය හේතුවෙන් විලියම් කුමරු ද රාජකාරිවලින් ඉවත්ව සිටින අතර, චාල්ස් රජු සිය සැත්කමට සූදානම් වෙමින් සිටින බැවින් රාජකාරිවලින් ඉවත්ව සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ පැවැත්වෙන සියලු රාජකීය උත්සව සහ වෙනත් වැඩසටහන් සඳහා සහභාගිවීමට කැමිලා රැජනට සිදු වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *