ලෝකය කෙළින් කරන්න සූදානම් වෙන ට්‍රම්ප්

“ලෝකය කෙළින් කිරීමට” අමෙරිකානුවන්ට එක්විය හැකි බවට තමා විශ්වාස කරන බව හිටපු අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

2024 රිපබ්ලිකන් නාමයෝජනා සඳහා ඉදිරි අපේක්ෂකයා ලෙස ඔහුගේ ස්ථාවරය ශක්තිමත් කරමින් අයෝවා දේශපාලන බල මණ්ඩලය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව , අයෝවා හි ඔහුගේ ආධාරකරුවන් අමතමින් මේ බව කියා සිටියේය.

තමා තවමත් අමෙරිකානු ජනාධිපති ධූරයේ කටයුතු කළේ නම් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල නොවනු ඇති බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

2024 ජනපතිවරණයෙන් නැවත තේරී පත් වුවහොත් තත්වය “ඉතා ඉක්මනින්” විසඳන බවට තවදුරටත් පොරොන්දු වන බව ඔහු අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ, වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රටේ ඉතිහාසයේ සිටි නරකම ජනාධිපතිවරයා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *