ඩෙන්මාර්කයේ අලුත් වූ රජ පුටුව

ඩෙන්මාර්කයේ නව රජු ලෙස දසවැනි ෆෙඩ්‍රික් කුමරු පත්ව තිබේ. ඒ, ඔහුගේ මව වන දෙවැනි මාගරිටා රැජින රාජ්‍යත්වය අතහැරීමෙන් පසුවය.

මාගරිටා රැජින දශක 5 ක් ඩෙන්මාර්කයේ රැජින ලෙස කටයුතු කළාය.

එරට අගනුවර වන කෝපන්හේගන් නගරයේ ක්‍රිස්ටියන් බෝයි රජ මාලිගයේදී ෆෙඩ්‍රික් රජු නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

නව රජුට සුබපැතීම සදහා දහස් සංඛ්‍යාත ජනතාව කෝපන්හෙගන් නගරයේ රජ මාලිගය ඉදිරිපිටට රැස්වී සිටියේය.

ප්‍රීති ඝෝෂා නගමින් නව රජුට දීර්ඝායු පැතීමට ජනතාව එක්විය. 55 හැවිරිදි නව රජු, ඔහුගේ බිරිද සහ දරුවන් තිදෙනාද එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිය ධුරයෙන් ඉවත් වන බවට හිටපු ඩෙන්මාර්ක රැජින නිවේදනය කළේ, 2024 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින්ය.

ඇය ඉතිහාසයට එක් වන්නේ, වසර 800 ක ඩෙන්මාර්ක රාජ්‍ය ඉතිහාසයේ රාජකීයත්වය ස්වෙච්ඡාවෙන් අත්හල පළමු අධිරාජ්‍යයා ලෙසය.
1972 වසරේ තම පියා වූ 9 වැනි ෆෙඩ්‍රික් රජුගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත් වූ මාගරිටා රැජින 83 වැනි වියේ පසු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *