හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊ‍යේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී ‍මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් බවයි සඳහන් වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *