හූති කැරළිකරුවන්ට එරෙහි​ව ප්‍රහාර දියත් කෙ​රේ

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ හූති කැරළිකරුවන් එරෙහිව ප්‍රහාර දියත් කර තිබෙනවා.

රතු මුහුදේ ජාත්‍යන්තර සමුද්‍ර යාත්‍රාවලට එරෙහිව හූති කැරළිකරුවන් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් රාජධානිය සමඟ සහ ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව සහ නෙදර්ලන්තයේ සහාය ඇතිව එක්සත් ජනපද හමුදා හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර දියත් කළ බවයි ධවල මන්දිරය සඳහන් කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *