ඕමානය ආසන්නයේ තිබූ තෙල් නැවක් ඉරානය භාරයට ගනියි

ඉරානය ඕමානයේදී Marshall Islands ධජය සහිත තෙල් නැවක් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

වෙස්මුහුණු පැළඳී සන්නද්ධ මිනිසුන් පිරිසක් ඕමානයේ Sohar වරායට ආසන්නයේ තිබූ St Nikolas නෞකාවට ගොඩවී ඉරාන වරායකට යාත්‍රා කරන ලෙස නියෝග කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට නාවික හමුදාවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පවසා ඇත්තේ පසුගිය වසරේ එක්සත් ජනපදය විසින් රාජසන්තක කළ නෞකාව සහ එහි තිබූ තෙල් සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙලෙස සිදු කර ඇති බවයි.

St Nikolas නෞකාව ඉරාකයේ Basra වරාය සහ තුර්කිය අතර ගමන් කිරීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ

නෞකාව සමග තිබූ සන්නිවේදන සබඳතා ඇණහිට ඇති බවත්, ඒ පිළිබඳව බලධාරීන් පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් සඳහන් වනවා

ඉරාන රාජ්‍ය මාධ්‍ය හමුදාව උපුටා දක්වමින් කියා සිටියේ නෞකාව ග්‍රීක සමාගමට අයත් වුවද එය අමෙරිකානු එකක් බවයි.

නෞකාවේ බොරතෙල් ටොන් 145,000ක් පටවා තිබූ අතර එහි කාර්ය මණ්ඩලය ලෙස පිලිපීන ජාතිකයින් 18 දෙනෙකු සහ ග්‍රීක පුරවැසියෙකු සිටි බව නෞකාව අයත් සමාගම වන Empire Navigation පවසනවා

යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය වහාම නිදහස් කරන ලෙස එක්සත් ජනපදය ඉල්ලා ඇති අතර, මෙම අත්පත් කර ගැනීම ජාත්‍යන්තර වාණිජ්‍යය කඩාකප්පල් කිරීමට ඉරානය ගත් නවතම උත්සාහය ලෙස විස්තර කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *