දරුවා හැඬූ නිසා පවුලක් ආපන ශාලාවෙන් දොට්ට

ඕස්ට්‍රේලියාවේ ආපන ශාලා හිමිකරුවෙකු දරුවෙකු හැඬූ නිසා පවුලක් ඔහුගේ ආපන ශාලාවෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

New York Post පුවත්පතට සඳහන් කරන්නේ ආපනශාලා හිමියෙකු දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මෙම පවුල නෙරපා දැමීමෙන් පසු සමාජ මාධ්‍යවල සංවාදයක් ගොඩනැගී ඇති බවයි.

Adele Cafe on Magnetic Island හි කළමනාකාරීත්වය පවුලේ අය පිටව නොයන්නේ නම් පොලිසියට කතා කරන ලෙස තර්ජනය කර ඇති බවද සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දරුවන්ගේ මව වන Laura Edwards කියා සිටියේ ආපන ශාලා හිමිකරුගේ ක්‍රියා කලාපය හෙළා දකින බවයි.

දරුවන්ගේ මව මෙම ආපන ශාලාව වර්ජනය කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති අතර ඇයගේ ඉල්ලීම අන්තර්ජාලයේ විවාදයක් ඇති කර තිබෙනවා.

ඒ බොහෝ පරිශීලකයින් ආපන ශාලාව හිමිකරුගේ ක්‍රියාව නිවැරදි බව පෙන්වා දීමත් සමගයි.

මේ විවාදවලට ප්‍රතිචාර දක්වමින් ආපන ශාලාවේ හිමිකරු වන Adrian Dalloste කියා සිටියේ මේ පවුල ගැන ඔහු පොලිසියට දැනුම් දීමට පෙර විනාඩි 15ක් තිස්සේ දරුවන් හඩමින් සිටි බවයි.

ඔවුන්ගේ හැඬීම අනෙකුත් ගනුදෙනුකරුවන්ට කරදරයක් වූ නිසා එම පවුල ආපන ශාලාවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ඔහු පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *