චීන-පින්ලන්ත ජනපතිවරු වීඩියෝ තාක්ෂණයෙන් හමුවෙති

චීන ජනාධිපති ෂී ජින්පිං, පින්ලන්ත ජනාධිපති Sauli Niinisto වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවෙයි. ෂී ජින් පිං බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ දී ඊයේ (10) සවස එම හමුවට එක්විය.

ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නේ, පින්ලන්තය චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹූ මුල් බටහිර රටවලින් එකක් බවයි. පින්ලන්තය කලක සිට චීනය කෙරෙහි අනුගමනය කරන සුහද ප්‍රතිපත්තිය තම පැසසුමට ලක් වන බව ද හෙතෙම පැවසීය.

චීනය තමාට අනන්‍ය නවීකරණය ඔස්සේ ජාතියේ පුනර්ජීවනය තහවුරු කරමින් සිටී. පින්ලන්තය සමග එක්ව සංවර්ධන අවස්ථා බෙදාගනිමින් අනාගතය උදෙසා වන නව සහයෝගිතා හවුල්කාරීත්වය ප්‍රවර්ධනයට චීනය සූදානමින් සිටී. වර්තමානයේ පවතින කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්ව හමුවේ චීන-යුරෝපා සබඳතාව ලොවට එල්ල කරන බලපෑම් පෙරට වඩා ඉස්මතු වී ඇත. පින්ලන්තය ඇතුළු යුරෝපා රටවල් සමග එක්ව දූරදර්ශී අයුරින් සාමූහික සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීමට චීනය සූදානම් බව ද ජනාධිපති ෂී ජින්පිං කියාසිටියේය.

තමා හා ෂී ජින්පිං ජනාධිපතිවරයා එක්ව ප්‍රකාශයට පත් කර ඇති, අනාගතය උදෙසා වන පින්ලන්ත-චීන නව සහයෝගිතා හවුල්කාරීත්වය ප්‍රශස්ත අයුරින් වර්ධනය වී තිබීම පිළිබඳව Sauli Niinisto එහිදී ප්‍රසාදය පළ කළේ ය. එමගින් දෙරට විවිධ ක්ෂේත්‍රවල සක්‍රිය ප්‍රගතියක් ද හිමි කරගෙන ඇත.

චීනය සමග එක්ව ‍සහයෝගිතා තහවුරු කරමින් පින්ලන්ත-චීන සබඳතාව මෙන් ම යුරෝපා-චීන සබඳතාව ද තවදුරටත් නව සංවර්ධනයක් කරා රැගෙන යාමට තම රට දායක වනු ඇතැයි ද පින්ලන්ත ජනාධිපති Sauli Niinisto වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *