Burj Khalifa අභිබවා යන නව කුළුණක්

මීට වසර 14 කට පෙර මීටර් 828 ක උසකින් යුතු ඩුබායි හි Burj Khalifa ළඟා වූ ලොව උසම ගොඩනැගිල්ල බවට පත්වුණා.

Burj Khalifa හි ඉදිකිරීම් 2004 දී ආරම්භ කරන ලද අතර එය නිල වශයෙන් 2010 දී විවෘත කළ බව සඳහන්.

කෙසේ වෙතත්, එය අභිබවා යා හැකි නව ගොඩනැගිල්ලක් දැන් කතා බහට ලක්ව ඇති අතර, Burj Khalifa තවදුරටත් උසම කුළුණ නොවේදැයි කතා බහක් මතුව තිබෙනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව, දැනට සෞදි අරාබියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් සම්පූර්ණ වූ පසු Burj Khalifa ට වඩා උස වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Jeddah කුළුණ නොහොත් Kingdom Tower ලෙසින් එම කුළුණ හඳුන්වන අතර එය එය අඩි 3,281ට වඩා උස වන බව වාර්තා වනවා.

Jeddah Economic Company ගොඩනැගිල්ලෙහි සුඛෝපභෝගී නිවාස, කාර්යාල, සේවා සපයන මහල් නිවාස යන අංගයන්ගෙන් සමන්විතයි.

එමෙන්ම එය ලෝකයේ උසම නිරීක්ෂණාගාරය නොහොත් “world’s highest observatory” ද වන බව වාර්තා වනවා.

ඩොලර් බිලියන 1.23 ක මිලකට නියම කර ඇති Jeddah Tower, මෙතෙක් Burj Khalifa ලබා තිබූ සන්නාමය ලබා ගැනීමට හැකියාව ඇති බවයි Guinness World Records සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *