ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අත​ර සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ කෙරේ

වත්මන් සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් එකඟ වී ඇතැයි කටාර් රාජ්‍යය පවසනවා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය ඊයේ (27) අවසන්වීමට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙකු නිදහස් කර ඇති අතර ඊශ්‍රායලය පලස්තීනුවන් 150ක් නිදහස් කර ඇති බවත් ඒ අතරට කාන්තාවන් සහ ළමුන්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *