අයවැයට විරෝධය දක්වා ඇල්බේනියානු විපක්ෂය පාර්ලිමේන්තුවේ දුම් බෝම්බ දමයි

ඇල්බේනියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයවැයට විරෝධය දක්වමින් සිදුකළ ක්‍රියාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් එම අයවැයට විරෝධය දක්වා දුම් බෝම්බ දමා ඇති අතර කුඩා ගිනිමැල කිහිපයක්ද දැල්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විරෝධතාවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු සභා ගර්භය මැද පුටු ගොඩ ගසා තිබූ අතර දුම් බෝම්බ දැමීම හේතුවෙන් සභා ගර්භය කොළ සහ දුම් දුමාරයෙන් පිරීගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *