ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය ගැන බයිඩන් අදහස් පළ කරයි

ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට එක්සත් ජනපද ප්‍රතිචාරය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අදහස් පළ කර තිබෙනවා

සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදයේ වැරදි වලින් ඉගෙන ගන්නා ලෙසත් කෝපයෙන් අන්ධවීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු ඊශ්‍රායල නායකයින්ගෙන් ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔහු මේ බව සඳහන් කරන්නේ ඊශ්‍රායලයට පැමිණීමෙන් පසුව සහ ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා ඇතුළුවීමට ඊජිප්තුව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි .

ඊශ්‍රායලය සිය දේශසීමාව හරහා ජලය, විදුලිය, ආහාර සහ ඉන්ධන සැපයීම අවහිර කරමින් ගාසා තීරයට පහරදීම් දිගටම සිදු කරන බවයි පැවසෙන්නේ

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් 1,400 කට වැඩි පිරිසක් මරා දැමීමත් සමග දශක ගණනාවක් පුරා පැවති ගැටුම උත්සන්න වී තිබෙනවා

ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දැක්වීමත් සමග ගාසා තීරයේ පුද්ගලයින් 3,700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් පාලනය කරන ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *