එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයක් ලෙබනනය ගැන තම පුරවැසියන්ට අනතුරු අඟවයි

එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයක් ලෙබනනයට යාමට එරෙහිව තම පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

beirut ඇතුළු ඕනෑම තැනක සහ ඕනෑම වේලාවක ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවිය හැකි බැවින් ලෙබනනයට සංචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියාව තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා

එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයද සිය සංචාරක මාර්ගෝපදේශ යාවත්කාලීන කර ඇති අතර, ලෙබනනයට යන සියලුම සංචාරවලට එරෙහිව උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ

යුද කලාපයේ ආරක්ෂක ආතතීන් මධ්‍යයේ ලෙබනනයට යාමට එරෙහිව ප්‍රංශය උපදෙස් ලබා දී ඇති බවද සඳහන්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවද අනපේක්ෂිත ආරක්ෂක තත්ත්වය උපුටා දක්වමින් ලෙබනනයේ තත්ත්වය පිළිබඳව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් සංචාරය නොකරන ලෙස දැනුම් දී තිබෙනවා

ලෙබනනයට යන සියලුම සංචාර වලක්වා ගන්නා ලෙසත් ආරක්ෂක තත්ත්වය නරක අතට හැරීම, සිවිල් නොසන්සුන්තාව, ත්‍රස්තවාදී ප්‍රහාරයේ වැඩි අවදානම සහ ඊශ්‍රායලය සමග පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙනුත් කැනඩාව එහි පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *