පාසලක සිදුවූ පිහි ඇනුමකින් පසු ප්‍රංශය ආරක්ෂාව තර කරයි

ප්‍රංශයේ ප්‍රහාරකයෙකු විසින් ගුරුවරයෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇන තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමෙන් පසු ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා විසින් රට තුළ ත්‍රස්ත මර්දන පිළිබඳ ඉහළම අනතුරු ඇඟවීම නිවේදනය කර තිබෙනවා,

උතුරු ප්‍රංශයේ Arras ප්‍රදේශයේ පාසලකදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයේදී පිහිකරු “Allahu Akbar” යනුවෙන් කෑගැසූ බවයි සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍යට පවසා ඇත්තේ.

ආරක්ෂාව වැඩි කිරීම සඳහා සොල්දාදුවන් 7,000 ක් යොදවා ඇති අතර ආරක්ෂක හේතූන් මත පැරිසියේ Louvre කෞතුකාගාරය වසා දමා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම හේතුවෙන් ප්‍රංශයේ සැළකිය යුතු මුස්ලිම් සහ යුදෙව් ප්‍රජාවන් තුළ නැගී එන ව්‍යාකූලත්වය මධ්‍යයේ උතුරු නගරයේ Arras ප්‍රදේශයේ Gambetta ​​උසස් පාසලේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

අගමැති Elisabeth Borne විසින් රට තුළ ආරක්ෂාව තර කිරීමේ හදිසි පියවර ගනු ලැබුවේ ජනාධිපති Emmanuel Macron සමග පැවති ආරක්ෂක සාකච්ඡාවකින් පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *