දින 6ක් තුළ ගාසා තීරයට බෝම්බ 6000ක් හෙළු බව ඊශ්‍රායලය කියයි

ඊශ්‍රායල – හමාස් යුද්ධය අද හය වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඊශ්‍රායලය පවසන්නේ, ගෙවුණු කාලය තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට හෙළු බවයි.

ඒවායේ බර ටොන් 4000කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඔක්තෝබර් 7 වැනි දා හාමාස් සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කළ සංවිධානාත්මක ප්‍රහාරයත් සමගින් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් යළි ඇරඹුණි.

ගැටුම් හමුවේ මේ වනවිට මියගොස් ඇති ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව1300කට අධිකයි.

ගාසා තීරයේ සහ වෙස්ට් බෑන්ක් හී ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 1448ක් ය.

ඒ අතුරින් 447 දෙනෙකු දරුවන් වේ. දෙපාර්ශ්වයේම තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 10,000කට අධිකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *