තරගය තියෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර, ආණ්ඩුව රේස් එකේ නෑ – ඩිලාන්

මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව මේ වනවිට තරගය නිර්මාණය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර බවත්, ආණ්ඩුව තරගය තුළ නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට 25% ක් පවතින විට විපක්ෂයට 75% ක් සිටින අතර කිසිදු පක්ෂයකට තනිව ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *