ජූලි මාසය වන විට ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පැෆරල් සංවිධානය

පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වෙනුවට ජයග්‍රහණය කළ හැකි යැයි සිතන මැතිවරණ පැවැත්වීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු බවත්, එය තීරණය කරන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොව මැතිවරණ කොමිසම විසින් බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන ස්වරූපයක් පෙනෙන්නට ඇති බවත්, එය රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපළ අවභාවිතාවකට සමාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජූලි මාසය වන විට ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවත්, එම සංවර්ධන සැලසුම් සියල්ල ජුලි මාසය වන විට අවසන් කර තිබුණහොත් එහි වාසිය ආණ්ඩුවට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *