හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට

අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක් හෙරොයින් ග්‍රෑම් 39කට ආසන්න ප්‍රමාණයක් සමග අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තරුණියක්.

ජංගම දුරකථන 02ක්, මෝටර් රථයක් සහ මුදලින් රුපියල් 260,000ක් ද ඇය සතුව තිබී සොයාගෙන තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *