ලෝක ලාදුරු දිනය අද

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ලාදුරු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

ඒ අනුව සෙසු රටවලට සාපේක්ෂව මෙරට ලාදුරු රෝගය වැළඳුණු වයස අවුරුදු 14ට අඩු දරුවන් සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කළා.

පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක් වාර්තා වූ බවත් එසේම පසුගිය වසරේ ලෝකයේ වෙනත් රටවල මුළු රෝගී සංඛ්‍යාවෙන් 6% ක් දරුවන් වාර්තා වන විට ශ්‍රී ලංකාවේ එම අගය 11% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළා.

යම් අයෙකුට ලාදුරු රෝගයේ ලක්ෂණ ඇත්නම් ඒ සඳහා බියවිය යුතු නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර තිබෙන බැවින් ළඟම රෝහලේ සමේ රෝග සායනයට යොමුවී ප්‍රතිකාර ලබා ගැනීමට බවයි විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *