ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කරයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මොළයේ උණ රෝගයෙන් මියගිය බව තහවුරු වීම හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සීමා කර තිබෙනවා.

සෞඛ්‍ය නිර්දේශ අනුව අදාළ පියවර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ.

ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇති බවයි ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *